විහාරස්ථානය පිළිබද යමක් ඔබට

සුපින්වතුනි,

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ  639/3, විජයපුර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මොරපතාව ගම්මානය තුල ශ්‍රී සාලියරාජාරාම විහාරය පිහිටා ඇත.

ප්‍රදේශය අතීතයේ අනුරාධපුර යුගය දක්වා දිවයයි. මහානරපති දුටුගැමුණු රජුගේ පුත්‍රරත්නය වූ සාලිය කුමරු වාසය කල ප්‍රදේශය ලෙස මෙම ප්‍රදේශය හදුනා ගෙන ඇත. තවද යටාල තිස්ස රජු විසින් ඉදි කල විහාරමයන්ගේ නටබුන් අද දක්වාම පවතී. වර්තමානයේ පවා නිදන් සොරුන්ගේ අකටයුතුකම් මත විනාශ වෙමින් ඇත.

වර්තමානයේ මොරපතාව විල්පත්තුව රක්ෂිතයට මායිම්ව පිහිටා තිබේ. අද වන විට මොරපතාව සලියරාජාරාමය ආරම්භ වී වසර  38 පමණ ගත වී ඇත. එසේ වසර  38 ක් ගත වූද කිසිදු හිමිනමක් වසර  3 කට වඩා වැඩි කාලයක් මෙම විහාරස්ථානයේ වාසය කර නොමැත. එයට හේතුව වී ඇත්තේ ප්‍රදේශයේ පවතින දැඩි දුෂ්කරතාවයයි. බීමට හරි හමන් වතුර බිඳකුදු නොමැති මේ ගම්මානයේ පවුල්  65 පමණ ජීවත් වෙති. ඔවුන් හට සාලියරාජාරාමය මහඟු සම්පතක් වුවද එය ගොඩනැගීමට ශක්තියක් නැත. වර්තමාන විහාරාධිපති පුජ්‍ය බුලත්කොහු පිටියේ සුමනරතන හිමිගේ ආගමනය සමග වසර  7 ක පමණ කාලයක් තුල විහාරස්ථානයේ අඩු පාඩුකම් රාශියක් සම්පුර්ණ කිරීමට කටයුතු ආරම්භ කර ඇත. ඒ අතර සංඝාවාසය, ධර්මශාල, අංග සම්පුර්ණ විහාර මන්දිරය, බෝධි ඝර ආදිය මුලික වේ.

එනමුදු මේවා ගොඩනැගීමට රජයේ අනුග්‍රහය හෝ කිසිදු ආයතනයක මුලිකත්වය මේ වන විට ලැබී නොමැත. නමුත් විහාරාධිපති හිමියන්ගේ උත්සහය මත විවිධ ප්‍රදේශ වල දානපතියන්ගේ අනුග්‍රහය විහාරස්ථානය මේ පමණකට ගොඩ නැගීමට දායකත්වය ලැබී ඇත.

ඒ අතර ප්‍රදේශයේ දුප්පත් සැදැහැවතුන්ගේ බුද්ධලම්භනය පිණිස බාහිර පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රහයෙන් හා ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් අඩි  65 ක් උසැති චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් සසුනට දායාද කරන ලදී.

after construction in the stupa

එනමුදු ස්වාමින්වහන්සේලා උදෙසා සංඝාවාස ගොඩනැගිල්ලක්, දහම් අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා දහම් පාසල් ගොඩනැගිල්ලක්, සැදැහැවතුන් සදහා අංග සම්පුර්ණ නොවූ බුද්ධ මන්දිරයක්, බෝධි ඝරයක් ඉදිවෙමින් පවතී. මේ වන විට මේවා සම්පුර්ණ කර ගැනීමට අවශ්‍ය මුල්‍යාධාර සපයා ගැනීමට අපහසුව පවතී. එබැවින් විහාරාධිපති ස්වාමින්වහන්සේ ලක්වාසී බොදු නුවන්ගේ නොමසුරු දායකත්වය අපේක්ෂා කරන අතර එය සම්බුදු සසුනේ මතු දියුණුව උදෙසා මහෝපකාරී වනු ඇත.

එසේ හෙයින් මේ පුණ්‍ය භුමිය ගොඩ නැගීමට අපගේ දායකත්වය දැක්වීම යුතුකම හා වගකීම වන්නෙමු.

sumanarathana thero

විහාරාධිපති බුලත්කොහුපිටිය සුමනරතන හිමි

Message from Chief Monk

Dear Ones,

Mainly based on the Sri Saliyarajaramaya Temple of Wanathavilluwa Morapathawa, I have been involved with the improvement and development of the area for the last 7 years.

It was with great difficulties that I had manage with these activities in sake of Buddhism and the Buddhists . However the prevailing requirements that are not found to be available in the temple it has not been easy to develop the religious activities in a social environment, poor accommodation facilities do not make it possible for the residing monks and those who visit.

Further, there is no proper building to educate the 80 students who study in the Dhaham school.

And 8 roomed accommodation with a building of 80 feet in length and 40 feet in width has been planned to be constructed with and estimated amount of 85 Lakh.

But it is not possible to collect this large sum of money from our contributors of the temple. Therefore I look forward for contributors of other areas to be supportive in this great deed on behalf our task to be useful to develop the Sasanaya. As an encouragement to the Buddhist Generation.

May  the Blessings of Sambuddha Be With You.

විහාරාධිපතිහිමිගේ පණිවිඩය

පිංවතුනි,

වසර 7 ක කාලයක සිට වනාතවිල්ලුව මොරපතාව ශ්‍රී සාලියරාජාරාමය විහාරය මුල් කරගනිමින් විහාරයේ දියුණුව මෙන්ම ප්‍රදේශයේ අභිවෘද්ධිය සදහා මා ක්‍රියා කොට ඇත. අධික දුෂ්කරතා මධ්‍යයේ උව ද සම්බුදු සසුනේ මතු දියුණුව උදෙසාත් ප්‍රදේශයේ කිතුනුවන්ගේ හා බොදුනුවන්ගේ යහ පැවැත්ම උදෙසා කටයුතු කරමි.

එය එසේ වුවත් විහාරස්ථානයේ අඩුපාඩු නිසාවෙන් ශාසනික සමාජීය කටයුතු නිසි ලෙස ඉටු කිරීමට අපහසුව තිබේ. විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාට සහ සතර දිගින් පැමිණෙන ස්වාමින් වහන්සේලාට වැඩ සිටීමට හරිහමන් සංඝාවාසයක්වත් නැත. එමෙන්ම දහම් අධ්‍යාපනය ලබන දරුවන් 80 පමණ සිටිනමුත් ඒ දරුවන් හට ඉගෙන ගැනීමට ආරක්‍ෂිත දහම් පාසල් ගොඩනැගිල්ලක් නොමැත. වැසි කාලයේදී දැනට ඇති සංඝාවාසය තෙමෙන බැවින් කාමර 8 කින් සමන්විත නව සංඝාවාසයක් හා අඩි 80 දිග පළල අඩි 40 දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු කරමින් පවතී. මේ සදහා ලක්ෂ 85 ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු ගත කොට ඇත.

නමුත් මෙපමණ වූ විශාල මුදලක් අප දායක දායිකාවන්ට සපයා ගැනීමට හැකියාවක් නොමැත. එම නිසා පිං කැමති වෙනත් ප්‍රදේශවල සැදැහැවතුන්ගේ දායකත්වය මා අපේක්ෂා කරමි.

එබැවින් මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සදහා ඔබ දායක වන්නේ නම්, එය සම්බුදු සසුනේ මතු දියුණුව උදෙසා මහෝපකාරී වන බවට පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි.

සම්බුදු සරණයි!

thero

“අනුවණ කමින් පව් සිදු කර ගන්න එපා නොමැරෙන කෙනෙකු ලෙස ජිවත් වෙන්න එපා.”

තෙරුවන් සරණයි!

පිංවතුනි,

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ 639/3, විජයපුර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මොරපතාව ශ්‍රී සාලියරාජාරාමය ඉතා අඩු පහසුකම් යටතේ ගොඩනැගෙන විහාරස්ථානයක් වන අතර එහි වර්තමාන විහාරධිපතිහිමියන්ගේ කාර්යයභාරය ඉතා අගය කල යුතුය.

මන්ද යත්, ඉතා දුෂ්කරතාවයන් මධ්‍යයේ විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා සහ ප්‍රාදේශයේ දියුණුව සදහා අපමණ වෙහෙස වී කටයුතු කරයි. එමෙන්ම මේ වන විට විහාරස්ථානයේ විශාල අඩුපාඩුවක් වන සංඝාවාසය සහ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීමට කටයුතු කරමින් පවතී.

එබැවින් පිං කැමති ඔබගේ නොමසුරු දායකත්වය සහ ආධාරය දහම් පාසල් ගොඩනැගිල්ල සහ සංඝාවාසය ඉදිකිරීම සදහා ලබා දෙන්නේ නම් උතුම් කොට සලකන අතර එය සම්බුදු සසුනේ මතු දියුණුව පිණිස හේතුවනු ඇති බවට විශ්වාස කරන අතර එසේ වේවායි පතමු.

හලාවත පුත්තලම සංඝ සභාවේ ගරු සභාපති වන වනාතවිල්ලුව ශාසනාරක්ෂක ගරු ලේඛකාධිකාරී හිමියන්ගේ පණිවිඩය

Karaduwa

Contact Us

ඔබගේ පණිවිඩය ලබා දෙන්න

For Donations

009-2-001-5-0038409

Peoples’ Bank,

Puttalam.

Contact Number : 032-5632991